ශ්‍රී ලංකාවේ පළමු වරට මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රගතිය මැන බැලීම සඳහා පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් නිර්මාණය කල වෙබ් අඩවිය එළිදැක්වීම සහ මැතිරණ ආශ්‍රිතව සිදුකල ක්ෂේත්‍ර පර්යේෂණ දත්ත වාර්තා කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පිරිනැමීම වෙනුවෙන් වන උත්සවයක් අද (15) පැවැත්වේ.
මෙම වෙබ් අඩවිය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම දියත්වන අතර මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ වලට අදාල නිර්දේශ හා යෝජනා ප්‍රගතිය ඇතුලු සියලු විස්තර මෙම වෙබ් අඩවියේ ඇතුළත් කිරීමට නියමිතය. මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන් පිළිබඳවද වැඩි අවධානයක් යොමුකල අතර ඔවුන්ටද මෙය පහසුවෙන් පරිශීලනය කල හැකි පරිදි නිර්මාණය කර ඇත.
අද පැවැත්වෙන මෙම උත්සවය සඳහා දේශපාලනඥයින්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් සහභාගීවීමට නියමිතය.